පකිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි – හමුදා සාමාජිකයින් 6 ක් මරුට.

0
242

පකිස්තාන හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බලෝකිස්තාන ප්‍රාන්තයේදී කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් පකිස්තාන සොල්දාදුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

හෙලිකොප්ටර් යානය අනතුරට පත්වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් කඩා වැටුනු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සහ මියගිය සොල්දාදුවන් 6 දෙනාගේ සිරුරු බලෝකිස්තානයේ වෙරළබඩ ප්‍රදේශයකින් සොයා ගෙන තිබෙනවා.

පකිස්ථානයේ හිටපු ෆෙඩෙරල් අමාත්‍ය ෆාවඩ් හුසේන් චෞද්‍රි පවසන්නේ රට තුළ ඇති හෙලිකොප්ටර් යානා පියාසර කිරීම මේවනවිට අනතුරුදායක තත්ත්වයක පවතින බව හා ඒවා ඉංජිනේරු පරීක්ෂණ සදහා යොමු කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here