පාකිස්තාන හිටපු බුද්ධි ප්‍රධානියාට දූෂණ චෝදනා

0
279

හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ්ට සහ ඔහුගේ සහෝදරයාට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා පවසයි.

මේ අතර, පකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් (PML-N) පාර්ශ්වයේ උප සභාපති මාරියම් නවාස් ෂරීෆ් විශ්‍රාමික ජෙනරාල්වරයා යුද අධිකරණයක් හමුවට පමුණුවන ලෙස ඉල්ලා තිබේ.

2017 දී දූෂණ චෝදනාවකට ඇය සහ ඇගේ පියා වරදකරු කිරීම සම්බන්ධයෙන් හිටපු ISI ප්‍රධානියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි මාරියම් ඉල්ලා සිටින්නේ.

(PML-N) උප සභාපතිගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සනාවුල්ලා මාධ්‍ය හමුවේදී කියා සිටියේ මෙය හමුදාව විසින් තීරණය කළ යුතු කරුණක් බවයි.

පකිස්ථාන ආරක්ෂක අංශ නිරන්තරයෙන් රටේ දේශපාලනය සමග සම්බන්ධ වන අතර, එම නිසාම් ඉහළපෙලේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට නිරන්තරයෙන් දුෂණ සහ වංචා පිලිබඳ චෝදනා එල්ලවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here