Tuesday, December 24, 2024

ලොව ලොකුම බොරුකාරයා ගැන පකිස්තාන අගමැතිගෙන් හෙළිදරව්වක්

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් පෘථිවියේ සිටින ලොකුම බොරුකාරයා බවත්, මේ වසර මුලදී බලයෙන් පහකිරීමෙන් පසු ඡන්දදායකයන් විකෘති කරමින් සමාජයට විෂ එන්නත් කරන බවත් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් චෝදනා කරයි.

2018 වසරේ සිට පාකිස්තානය පාලනය කළ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ඛාන්, දේශීය වශයෙන් සහ විදේශ කටයුතු කෙරෙහි රටට කළ හානිය ගැන 70 හැවිරිදි ෂරීෆ් අගමැති ධුරයට පත්වීමෙන් පසු සිය පළමු සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් මෙළෙස පවසා තිබේ.

පාකිස්තානය මේ වන විට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මැදිව සිටින අතර, එය උද්ධමනය, අහස උසට ඉහළ යන විදේශ ණය, පහත වැටෙන විදේශ මුදල් සංචිත සහ ඉතිහාසයේ දරුණුතම ගංවතුරෙන් රට පීඩාවට පත් වූ පසු ඩොලර් බිලියන 30 කට වඩා වැඩි හානියක් සමඟ පොරබදමින් සිටියි.

ගංවතුර ව්‍යසනයෙන් පාකිස්තානයේ 1,700 ක පමණ පිරිසක් මිය ගිය අතර මිලියන ගණනකට නවාතැන් සහ පිරිසිදු ජලය අහිමි කරනු ලැබීය.

හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරා වන වන ෂරීෆ්, ඛාන්ව හැඳින්වූයේ “බොරුකාරයෙක් සහ වංචාකාරයෙක්” ලෙසයි.

දූෂණ විරෝධී ප්‍රතිපත්ති ප්‍රකාශයක් මත ඉදිරිපත් වූ ඛාන් රටේ කටයුතු මෙහෙයවූයේ ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට ගැලපෙන ලෙසට යැයි ඔහු චෝදනා කළේය.

ඉතිහාසයේ වඩාත්ම අද්දැකීම් අඩු, ආත්මාර්ථකාමී, නොමේරූ දේශපාලනඥයකු ලෙස ඔහු ඛාන් නිර්වචනය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles