ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයෙන් පකිස්තානයට සරදමක්.

0
699
Taliban spokesman Zabihullah Mujahid speaks during a news conference in Kabul, Afghanistan September 6, 2021. REUTERS/Stringer - RC2BKP997FPI

පකිස්තානයේ දේශපාලන ක්‍රමය ඉස්ලාම් ආගම මත පදනම් වූ එකක් නොවන බව තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සහ ඇෆ්ගනිස්තානයේ තොරතුරැ සහ සංස්කෘතික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය සබිහුල්ලා මුජාහිඩ් පවසයි.

පකිස්තානයේ පවතින දේශපාලන ක්‍රමය ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ නියෝජනයක් නොවන බවත් එහි ඇත්තේ විදේශයෙන් හදුන්වාදෙන ලද පාලන ක්‍රමයක් බවත් තලේබාන් ප්‍රකාශකයා රේඩියෝ ‍ෆ්‍රී ඇෆ්ගනිස්තාන් සේවය වෙත පවසා තිබේ.

තලේබාන් සංවිධානයේ මෙම ප්‍රකාශය පකිස්තානයට එරෙහිව සහ එහි දේශපාලන ක්‍රමය ප්‍රශ්න කරමින් සිදුකළ පළමු ප්‍රසිද්ධි ප්‍රකාශය ලෙස කම්මා පුවත් සේවය හදුන්වා දී ඇත.

පකිස්තාන පාලකයන් විසින් රට පාලනයේදී ඉස්ලාම් දහමට වඩා ආර්ථික කරුණුවලට මූලිකත්වය ලබාදී ඇති බව ද තලේබාන් ප්‍රකාශකයා මෙහිදී පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here