22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සහ හෙට විවාදයට ගැනෙනවා.
එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද විවාදයට ගැනෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ අතර පවා මතභේද පවතින පසුබිමකයි.
ඊට ආසන්නතම හේතුව වූයේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට මැතිවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එම කෙටුම්පතේ සඳහන් වීමයි.