Wednesday, November 6, 2024

PCR 15කින් 11ක් පොසිටිව්

වෙන්නප්පුව මැද කිරිමැටියාන ප්‍රදේශයේ මංගල උත්සවයක සහභාගිවූ පිරිසකට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

liveat8.lk වෙබ් අඩවියේ වාර්තාකරු සඳහන් කළේ උත්සව තහනම් කිරීමට පෙර මෙම මංගල උත්සවය පවත්වා ඇති බවයි.

එම උත්සවයට 150ක පමණ පිරිසක් සහභාගී වී ඇති අතර ඉන් 15ක් PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා.

ඉන් එකොළොස් දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරුව තිබෙනවා.

මනමාලයා,මනමාලිය,මව සහ දෙවැනි මනමාලයා ද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තාකරු ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles