අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැතිවීමට එරෙහිව පකිස්තානයේ ගිල්ගිට් බෝල්ටිස්තාන ප්‍රාන්තයේ වැසියන් උද්ඝෝෂණ අරඹා තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ දහස් ගණන් වැසියන් ගිල්ගිට් නගරයට රැස්වී විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණවල නිරත වූ බවයි.
වෙළෙදපළේ අත්‍යවශය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නොමැති බවත් ඇතැම් ආහාර ද්‍රව්‍ය කලුකඩවලින් අධික මිලට ලබා ගැනීමට සිදුව ඇති බවත් උද්ඝෝෂකයෝ මෙහිදී සදහන් කළහ.
මේ තත්වය හමුවේ පවතින ශීත කාලගුණය මධ්‍යයේ දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට තමන්ට සිදුව ඇති බව ද ඔවුහු මෙහිදී සදහන් කළහ.
පකිස්තානයේ සෙසු පළාත්වලට සාපේක්ෂව අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව ගිල්ගිට් බෝල්ටිස්තානයට අඩු සැළකිල්ලක් දක්වන බවට ද ඔවුහු මෙහිදී චෝදනා කළහ.