ජනතාවට අප්‍රේල් 25 වෙනකන් ලිට්‍රෝ එකේ ගෑස් බලන්න වෙන ලකුණු….

0
565

අප්‍රේල් 25 වන දා දක්වා ගෘහස්ත ගෑස් ස්ලින්ඩර් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි ප්‍රකාශයෙකු මේ බව පැවසීය. 

ඔහු ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 20) දිනයේදී ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණ තිබුණ ද එය ගෘහස්ත භාවිතය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් නොවන බව ය.

අදාළ ගෑස් තොගය රෝහල්, ආදාහනාගාර, කර්මාන්ත ඇතුළු කටයුතු සඳහා බෙදා හැරෙන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අප්‍රේල් 24 වන දා ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත අතර ඒ අනුව 25 වන දා ගෘහස්ත ගෑස් නිකුත් කිරීමට හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේ, මෙරට භාවිතය සඳහා සතියකට ගෑස් නෞකා තුනක අවශ්‍යතාවක් පවතින බව ත් එක් නෞකාවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වැය කිරීමට සිදු වන බව ත් ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here