Thursday, December 26, 2024

PET ස්කෑනර් ව්‍යාපෘතියට පණදුන් මොහොමඩ්ගේ සංවේදී කතාව

අපූරුවට දුව පැන ඇවිද්ද තම එකම පුතු හදිස්සියේ රෝගී වීමත් සමඟ M.S මොහොමඩ් කලබල වූයේය. ඔහු දරුවාව වෛද්‍යවරුන් කිහිප ‍දෙනෙකුටම පෙන්නුවේය. පරීක්ෂණ කෙරිණි. ඔහුට දැන ගන්නට ලැබුණේ තම එකම පුතු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවය. රෝගය හඳුනාගෙන පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔහු පුතු ද රැගෙන ඉන්දියාවේ සුඛෝපභෝගී රෝහලකට ගියේය. ඒ සඳහා ඔහුට මඟ කිවේ තවත් වෛද්‍යවරයෙකි. මාස කිහිපයක් ප්‍රතිකාර කළ ද දරුවාට සුව නොවූයේය. අතේ තිබූ සියලුම මුදල් ද ඉවර කරගෙන ඔහු ලංකාවට පැමිණියේ පරාජිතයෙකු ලෙසිනි. මෙරට පෞද්ගලික රෝහලකදී ද දරුවාට ප්‍රතිකාර කරනු ලැබුවේය. ඉන්පසුද ප්‍රතිඵලයක් නොලද විට ඔහු අවසානයේ දරුවාද රැගෙන මහරගම පිළිකා රෝහලට ගියේය. දරුවා රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා අතරතුරේ රෝහලේ තත්ත්වය සොයා බැලුවේය. පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මිනිසුන් විඳවන අයුරුත් මිය යන අයුරුත් ඔහුගේ හද කම්පා කළේය.
පිළිකා රෝගය මුලදිම හඳුනා ගන්නට නම් අද දියුණු තාක්ෂණයෙන් නිපදවා ඇති PET ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමය. රෝහලේ ඒ යන්ත්‍රයක් නැති කමින් අසරණ රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට යන අයුරු ද තවත් අපහසුතා වලට මුහුණ දෙන අයුරු ද දුටු ඔහුට අදහසක් පහළ වූයේය. එනම් මහරගම පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලට ගෙන දීමය. එය තනි පුද්ගලයකුට කළ හැක්කක් නොවූයේය. හේතුව PET ස්කැනර යන්ත්‍රයක මිල කෝටි විස්සක් වීමය. පිළිකා රෝහලේ අධ්‍යක්ෂතුමා, වෛද්‍යවරුන් සමඟ ද කතා කළ ඔහු අවසානයේ මාධ්‍ය ආයතනවලද සහාය ලබාගනිමින් මේ සඳහා අරමුදලක් පිහිටුවා මහජනතාවගේ සහාය ලබාගැනිමට තිරණය කලේය.
මේ සඳහා ලේක් හවුස් ආයතනය දායක වන්නේ 2016/04/24 ඉරිදා සිළුමිණ පුවත්පතෙහි සිත්මල් යාය අතිරේකයට M.S මොහමඩ් මහතා සහ ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය , මහේන්ද්‍ර සෝමතිලක මහතාගේ අදහස් පළකරමිනි.
එයින් ඇරඹුණු මෙම මෙහෙයුම අද සාර්ථක වී තිබේ.
PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් එකතුවු බව ඒ සඳහා මුලිකව කටයුතු කල M.S මොහමඩ් මහතා විසින් පිහිටුවාගත් කදිජා පදනම ඊයේ නිවේදනය කරන ලදි.. dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles