අච්චාරු ආසියාවේ එකට..

0
1133

ආසියාවේ වීථි ආහාර හෙවත් ස්ට්‍රීට් ෆුඩ් සම්බන්ධයෙන් සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව කළ සමීක්ෂණයකින් මෙරට අච්චාරුවලට ප්‍රමුඛ ස්ථානය හිමිව ඇත.

මෙයට ආසියාවේ වීථි ආහාර ලෙස බහුලව භාවිත කෙරෙන ආහාර වර්ග 50 ක් පමණ යොදාගෙන ඇති අතර මෙහිදී ශ්‍රී ලංකාවේ පැණිරස, ඇඹුල් සහ මිරිස් සැර යෙදූ එළවළු සහ පළතුරු අච්චාරුවලට මුල්තැන හිමිව ඇත.

දේශීය කුළුබඩු, මිරිස්, කහ, සීනි සහ ලුණු සමඟ පදම් කරගත් වෙරළු, අන්නාසි, දිවුල්, අඹරැල්ලා, අඹ සහ වම්බටු යොදාගත් අච්චාරු මෙහිදී විශේෂයෙන් සඳහන් කර ඇත.

තවත් විශේෂත්වයක් වන්නේ මෙම සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ආප්ප සඳහාද ඉහළ තැනක් හිමිවීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here