ඉන්දියාව සහ ඉරානය චබහාර් වරායේ ප්‍රගතිය සමාලෝචනය කරයි

0
296

ඉන්දියාව සහ ඉරානය පසුගියදා චාබහාර් වරායේ ෂහීඩ් බෙහෙෂ්ටි පර්යන්තයේ සංවර්ධනයේ ප්‍රගතිය සමාලෝචනය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) හි රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සමගාමීව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර මේ පිළිබද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙම වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියාව සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබූ අතර, එමගින් දෙරටේම නාවිකයින්ගේ ගමනාගමනය සුමට කිරීම අරමුණු කර ගෙන ක්‍රියා කිරීමට එකග වී තිබේ.

නායකයින් අතර පැවති තීරණාත්මක හමුවේදී කලාපීය සම්බන්ධතා ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරනය කර ඇත.

2021 දී රයිසි ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති රයිසි අතර සිදු වූ පළමු හමුව මෙයයි.

මෙම හමුවේදී නායකයින් දෙපළ ද්විපාර්ශ්වික සබඳතාවයට අදාළ වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here