කාන්තාවන් පිරිසකට බැටන් ප්‍රහාරයක්.

0
658

පකිස්තානයේ තන්දෝ අල්යාර් ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ කාන්තාවන් පිරිසකට එම ප්‍රදේශයේ පොලිසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ තම පවුල්වල සාමාජිකයන් පිරිසක් නිරපරාදේ අත්අඩංගුවට ගත් බව සදහන් කරමින් අදාළ කාන්තාවන් පිරිස උද්ඝෝෂණයක නිරත ව සිට ඇති බවයි.

එහිදී පොලිසිය ඔවුන් විසුරුවා හැරීම සදහා අමානුෂික ලෙස බැටන් ප්‍රහාර එල්ල කර ඇති අතර මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමත් සමග දැඩි මහජන විරෝධයක් හටගෙන ඇති බව සදහන් වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සින්ද් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සයිඩ් මුරාජ් අලි ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානීන් වෙත විශේෂ නියෝගයක් ද නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here