ජනපති ගෙදර යන සාකච්ඡාව හෙට… විමල් වැට උඩ…

0
670

විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තවේ දී හෙට (21) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

හෙට දහවල් 1.00 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

පාර්ලිමේන්තු සියලුම පක්ෂ නායකයින් තමාට ඉවත්වන ලෙස පවසන්නේ නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කළ බව කතානායකවරයා පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කළා.

ඒ අනුව සියලු පක්ෂ නායකයින් හෙට එවැනි එකඟතාවකට ඒම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජනාධිපතවරයා ඉවත් නොවිය යුතු යැයි පවසා ඇති බව ද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here