Thursday, January 16, 2025

පකිස්තානයට එරෙහිව ඇමරිකාවේ විරෝධතා.

මීට වසර පනහකට පමණ පෙර සිදුවූ බංගලාදේශ නිදහස් සටනේදී සිදූවු අපරාධ සිහිපත් කරමින් බංගලාදේශය ජාතිකයෝ පිරිසක් ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ.

එහිදී ඔවුන් ඇමරිකාවට බලකර සිටියේ 1971 වසරේ බංගලාදේශ නිදහස් අරගලය අවස්ථාවේ සිදුවූ වර්ග සංහාරය ඇතුළු යුද අපරාධ සදහා පකිස්තානය වගකිව යුතු බවට පිළිගන්නා ලෙසයි.

මෙහිදී පකිස්තාන හමුදා විසින් බෙංගාලි ජාතිකයන් මිලියන තුනක් පමණ ඝාතනය කළ බවටද කාන්තාවන් සහ දැරියන් ලක්ෂ හතරක් පමණ දූෂණය කළ බවටද චෝදනා එල්ල වී තිබේ.

එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ මෙම අපරාධ පදනම් කරගෙන පකිස්තානයට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කළ යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles