Friday, January 24, 2025

‘රටේ දරුවෝ මගෙත් දරුවෝ’ පෝෂණ මෙහෙයුම ඇරඹේ…

මේ වනවිට බොහෝ දරුවන් අතර ශීඝ්‍රයෙන් ඉහල යමින් පවතින පෝෂණ ඌනතා තත්වයට විසඳුමක් ලෙස Singularity Sri Lanka නිර්මාතෘ මංජු නිශ්ශංක මහතාගේ සංකල්පයකට අනුව සර්වෝදය ආයතනය හා එක්ව “රටේ දරුවෝ මගෙත් දරුවෝ – The nation’s Kids are my Kids too” නමින් පාසල් දරුවන්ට පෝෂණීය සමබල ආහාර වේලක් ලබාදීමේ ව්‍යාපෘතිය පසුගියදා (17) මෝදර ශ්‍රී මේධානන්ද විද්‍යාලයේදී ආරම්භ කෙරිණි.

රට මුහුණ දී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට බොහෝ දරුවන් හට දෛනික සමබල ආහාර වේලක් ලබා ගැනීම අතිශය අභියෝගකාරී තත්වයකට පත්ව ඇති මොහොතක රජයෙන් මේ සඳහා වන මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බැවින් රටේ අනාගතය වෙනුවෙන් නීරෝගිමත් දරු පරපුරක් ගොඩනැගීමේ පැහැර හැරිය නොහැකි වගකීම ඉටු කිරීමට “රටේ දරුවෝ මගෙත් දරුවෝ” දියත් කරන බව ව්‍යාපෘතිය ආරම්භ කරමින් මංජු නිශ්ශංක මහතා පවසන ලදී.

දිවයින පුරා පිහිටි සිසුන් 200ට අඩු පාසල් ඉලක්ක කරගනිමින් දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය හා එක්වෙමින් වගකිවයුතු පුරවැසියන් ලෙස රටේ දරුවන් සුරක්ෂිත කිරීමට එක්වන ලෙස Singularity Sri Lanka සංවිධානය, දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් හට ආරාධනා කර සිටියි.

මේ අසීරු අවස්ථාවේ අපේ දරුවන් රැකගැනීම වගකිවයුතු පුරවැසියන් ලෙස අප සියලු දෙනා සතු පැහැර නොහැරිය හැකි වගකීමක් ලෙස Singularity Sri Lanka විශ්වාස කරයි.

Singularity Sri Lanka සහ සර්වෝදය එක්ව දියත් කරන Rate Daruwo Mageth Daruwo වැඩසටහනින් දරුවෙකුට පෝෂණීය ආහාර වේලක් දෙන්න ඔබටත් පුළුවන්.

විස්තර දැනගන්න දැන්ම www.slcrisisresponse.com වෙත පිවිසෙන්න

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles