Friday, January 24, 2025

දිළිඳු රෝගීන්ට සහනයක් ලෙස ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් රෝද දෙකේ ගිලන් රියක්

මාරාන්තික දෙවන කොවිඩ් රැල්ල අතරතුර කිසිදු වෛද්‍ය ආධාරයක් නොමැතිව මිනිසුන් තම ආදරණීයයන් පුද්ගලික වාහනවල රැගෙන යනු දැක, ආන්ද්‍රා ප්‍රදේශ් හි ගූටි හි ඉංජිනේරු විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු දැරිය හැකි මිලකට ද්විත්ව රෝද රථ ගිලන් රථයක් නිපදවා තිබේ.

පූනේහි Dassault Systemes මගපෙන්වීම යටතේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා දෙවන වසරේ සිසුන් දෙදෙනෙකු විසින් මෙම ගිලන් රථය සංවර්ධනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නව ගිලන්රථය ‘හීල් මොබයිල්’ ලෙස නම් කර ඇති අතර ගිලන්රථ සේවා දුර්ලභ වන මෙන්ම අධික පිරිවැය හේතුවෙන් ඒවා දැරිය නොහැකි ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා මෙය භාවිතා කිරීමට නියමිතයි.

යෂ්වන්ත් සහ අහමඩ් ඔවුන්ගේ අලුත් නිමයුම පිළිබඳ අදහස ඔවුන්ගේ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සමඟ බෙදාගෙන තිබුනු අතර පසුව අධ්‍යක්ෂකවරයා ගිලන්රථය සැලසුම් කිරීමේ සහය පතා ප්‍රංශයේ Dassault Systemes වෙත සම්බන්ධ වී තිබේ.

රෝද දෙකේ ගිලන් රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 35කට සීමා කර ඇති අතර එහි ශක්තිමත් ව්‍යුහය නිසා ඕනෑම ආකාරයක මාර්ගවල ධාවනය කළ හැකිය.

එය ඔක්සිජන් සිලින්ඩරයක් සහ අනෙකුත් හදිසි වෛද්‍ය උපකරණවලින් සමන්විත වීම ද විශේෂත්වයකි.

හදිසි අවස්ථාවකදී, මෙම බයිසිකල් ගිලන්රථවලට වෛද්‍ය සේවකයෙකු සමඟ එක් රෝගියෙකු ආරක්ෂිතව රැගෙන යා හැකි බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles