විදේශිකයන් කසාද බඳිනව නං ආණ්ඩුවට කියන්න!

0
455

විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය ලේඛන පිළිබඳව පැහැදිලි කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විදේශීය ජාතිකයෙකු හා ශ්‍රී ලාංකිකයෙකු අතර විවාහයක් ලියාපදිංචි කිරීමේ දී එම විදේශීය පාර්ශ්වය වෙතින් ලබාගත් පහත සඳහන් ලේඛන මත පදනම්ව විවාහය ලියාපදිංචි කිරීම මෙතෙක් පැවති ක්‍රමය විය.

  1. වලංගු විදේශ ගමන් බලපත්‍රය
  2. සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය (අවශ්‍යතාවය අනුව දික්කසාද ලියකියවිලි / වැන්දඹු බව සනාථ කිරීමේ ලියකියවිලි)
  3. උප්පැන්න සහතිකය (උපන් දිනය සනාථ කරගැනීමට අවශ්‍ය වුවහොත් පමණක්)

නමුත් විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමෙන් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගත වියහැකි සාමාජයීය ගැටළු සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවයට අනුව විදේශීය පාර්ශ්වය සම්බන්ධයෙන් වූ ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් මගින් පමණක් එවැනි විවාහ ලියාපදිංචි කිරීමට තීරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here