Rock n Roll රැජන සමුදෙයි

0
306

ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී තිබේ.

“රොක් ඇන්ඩ් රෝල් රැජින” ලෙස ජනප්‍රියත්වට පත් ටීනා ටර්නර් මියයන විට 83වන වියේ පසුවුණි.

ඇය ස්විස්ටර්ලන්තයේ සුරිචි හි පිහිටි ඇගේ නිවසේදී මියගොස් ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කළේය.

ටීනා 1939 නොවැම්බර් මස 26 වන දින අමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන තිබේ.

1957 වසරේ සිය ගායන ජීවිතය ආරම්භ කළ ටීනා ටර්නර් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස සළකනු ලැබීය.

ගායනයට අමතරව ඇය රංගන සහ නර්තන ශිල්පිනියක් ලෙසද ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here