Saturday, December 21, 2024

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගැන දුක්බර ආරංචියක්..

හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මතක ශක්තිය අඩපණ වීමේ අවදානමක් පවතින බව ජාතික රෝහලේ වෛද්‍යවරු පවසනවා.

දිගු කලක් සිහිසුන්ව සිටීම නිසා මොළයට ගමන් කරන ඔක්සිජන් සහ රුධිරය ප්‍රමාණය අවම වීම නිසා මෙම තත්ත්වය හටගන්නා බව වෛද්‍යවරු අවධාරණය කරයි.

ඇදක් මත එකම ඉරියව්වකින් දිගු කාලයක් සිටීම නිසා සිරුරේ පිට ප්‍රදේශයේ තුවාල ( bed sores ) හටගැනීමේ අවදානමක් ද පවතින බවත් ඒ සදහා ප්‍රතිකාර කිරීම සිදු කරන බව ද සදහන් කරයි.

ඉකුත් ජූලි මස 02වැනිදා රාත්‍රියේ දී අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් ජැක්සන් ඇන්තනී මහතා බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

Source : gagana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles