සාෆි වැරදිකරුවෙක් බව සනාථ වෙයි! එහෙත්???

0
1018

වඳ සැත්කම් සහ ජාතිවාදී පදනමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් මුලික විමර්ශන වාර්තාව අනුව වැරදිකරුවකු වී ඇත.

කිහිප වරක් එම විමර්ශන වාර්තාව එවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ මහතාට දන්වා ඇතද ඔහු එම වාර්තාව යවා නැති බව පැවසේ.

ඒ වෙනුවට සෞඛ්‍ය ලේකම්වරයා නියෝග කර ඇත්තේ සාෆි සහබ්දීන් යලි සේවයේ පිහිටුවා ඔහුගේ හිඟ වැටුප ගෙවන ලෙසයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව කිසි විටක වෛද්‍ය සාෆිට වැටුප් ගෙවන ලෙස හෝ යලි සේවයේ පිහිටුවන ලෙස නිර්දේශයක් ලබා දී නැත.

එය මුළුමුනින්ම නීති විරෝධී ක්‍රියාවක් වන අතර විමර්ශන වාර්තාව අනුව සාෆි වෛද්‍යවරයාගේ සේවය අත්හිටවිය යුතු බව සාෆිට වැටුප් ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම් සිදු කල නියෝගයට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා යැවූ පිළිතුරු ලිපියෙන් හෙළි වී ඇත.

සෞඛ්‍ය ලේකම්ගේ මෙම තීරණය පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් කිසිදු දේශපාලන අධිකාරියක් දැනුවත් කර නොතිබූ බවද වාර්තා වේ.

ඒ පිළිබඳ හුවමාරු වූ ලිපි පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here