SAITM එපා කියා වෛද්‍ය සිසුන්ගේ මව්පියන් පාරට

0
386

මාලඹේ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ මව්පියන් දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ.

අද(21) දහවල් දිවයින පුරා දිස්ත්‍රික්ක 13ක මෙම විරෝධතා පැවති බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස එහිදී  විරෝධතාවයේ නිරත රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ මව්පියන් රජයට බල කර තිබේ.

කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවති විරෝධතාව ලිප්ටන් වටරවුමේ පැවති අතර  මහනුවර කේන්ද්‍ර කරගනිමින් පැවති විරෝධතාව මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවති බව සඳහන්ය.

කෑගල්ල, රත්නපුර, ගම්පහ, මාතර, ගාල්ල, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්කවල පැවති මෙම විරෝධතා සඳහා රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ මව්පියන් බොහෝ පිරිසක් සහභාගී වූ බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here