SAITM රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතා ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය වෙයි..

0
564

උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ රජයේ විශ්වවිද්‍යාල හතක වෛද්‍ය පීඨාධිපතිවරුන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රථිඵලයක් ලෙස, මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය SAITM, ඉදිරියේදී රජයේ පූර්ණ මැදිහත්වීම යටතේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම සම්බන්ධ ආයතනයක්‌ ලෙස පවත්වාගෙන යාමට එකඟතාවයක් ඇතිවී ඇත. වෛද්‍ය පීඨාධිපතිවරුන් මෙහිදී එකඟවී ඇත්තේ, රජයේ පූර්ණ මැදිහත්වීම යටතේ රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගිතාව සහිත ආයතනයක්‌ ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යෑමටයි.

සාකච්ඡාවට සහභාගි වූ උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ මාධ්‍යට පවසා ඇත්තේ, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජය සමඟ සම්බන්ධ වූ ආකාරයට නෙවිල් ප්‍රනාන්දු රෝහලටද මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් රජය සමග එක්‌වීමට එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි. එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here