SAITM වහන්න අත්පත්‍රිකා දසලක්ෂයක්

0
341

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර දමන ලෙසට ආණ්ඩුවට බලකිරීම සඳහා ජනතාව පෙළගස්වන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සඳහන් කරයි.

වෛද්‍ය විද්‍යාල නිසා රටට සිදුවන හානිය දැනුවත් කර ජනතාව පෙළගැස්වීමට කටයුතු කරන බවත්, ජනතාව දැනුවත් කිරීම සඳහා හෙට (07දා) රට පුරා අත්පත්‍රිකා දසලක්ෂයක් බෙදාහරින බවත් එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩර මහතා සඳහන් කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා රටේ දරුවන්ට කුසලතා මත වෛද්‍ය වෘත්තියට පිවිසීමට ඇති අයිතිය උල්ලංඝනය වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ පිරිස් වශයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ගද, ජනතාව පෙළගස්වමින් ගත හැකි සියලුම ක්‍රියාමාර්ගද ගෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර දමන තැනට ආණ්ඩුව පත්කරන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here