තානාපති සේවයේ වැටුප් ගෙවීම නවතී

0
269

පවතින මූල්‍ය අර්බුදය මධ්‍යයේ විදේශයන්හි විවිධ දූත මණ්ඩල හා තානාපති කාර්යාලවල සේවය කරන පකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ වැටුප් නැවත වරක් පාකිස්තාන රජය විසින් නතර කර තිබේ.
පසුගිය මාස දෙක තුළ රජය පකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට වැටුප් ගෙවා නැතැයි වාර්තා වේ.
වත්මන් මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා පකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හෝ වෙනත් කාර්ය මණ්ඩලයේ වැටුප් නිකුත් කර ඇති බව 2022 දෙසැම්බරයේ දී මුදල් අමාත්‍යාංශය කියා සිටි නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට මාර්තු වැටුප් ලැබී නොමැත.
මේ හේතුවෙන් විවිධ දූත මණ්ඩල හා තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රාමසාන් උත්සවය පවා සැමරීමට සිදුවුණේ වැටුප් රහිතව බව සඳහන්.
එමෙන්ම නියමිත පරිදි ගාස්තු නොගෙවීම හේතුවෙන් ඔවුන්ගේ දරුවන් පාසල්වලින් ඉවත් කිරීමේ අවදානමකට ද මුහුණ දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here