පාකිස්තානයේ ෂියාවරුන් රැකගන්නැයි ඉල්ලා ඉන්දියාවේ පෙළපාලි

0
715

පාකිස්ථානයේ ෂියා මුස්ලිම් සුළුතරයට එරෙහි අපරාධ සහ වෙනස් කොට සැලකීම් විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් ඉල්ලා, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් අගනුවර වන ලක්නව් හි විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.

සමස්ත ඉන්දීය ෂියා හුසේනි අරමුදල (AISHF) විසින් මෙම විරෝධතාවය සිදුකරන ලද අතර එහිදී පාකිස්ථානයේ ෂියාවරුන්ට එරෙහි වෙනස්කම් කිරීම් සහ සාහසික ක්‍රියා හෙළා දකින බැනර් සහ පුවරු සහිතව ඊට එක්වූ විරෝධතාකරුවන් සදහන් කළේ මෙය රාජ්‍ය කුමන්ත්‍රණයක් බවයි.

මේ අතර AISHF සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් ඉල්ලා අත්සන් 7000ක් සහිත පෙත්සමක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යැවීමට සූදානම් කර ඇති බව ද වාර්තා වේ.

පකිස්තානය සුන්නි මුස්ලිම් ආධිපත්‍ය සහිත රටක් වන අතර එහිදී ෂියා මුස්ලිම්වරු තමන්ට අනෙකුත් පුරවැසියන්ට සමානව නොසලකන බවට චෝදනා කරති.

ෂියාවරුන්ට අමතරව, හින්දු ආගම සහ ක්‍රිස්තියානි ආගම වැනි වෙනත් ආගම්වල පුද්ගලයන් මෙන්ම ඉස්ලාමයේ අනෙකුත් නිකායන් ඇතුළු අනෙකුත් සුළුතර කණ්ඩායම් ද සුන්නි මූලධර්මවාදීන්ගේ නිරන්තර ඉලක්ක බවට පත්වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here