SI පොලිසියේ මේසය මත මියයයි.

0
433

බෙන්තොට පොලිස් ස්ථානයේ සේවය නියුතු උප පොලිස් පරීක්ෂක නිලධාරියෙකු12දින රාත්‍රි මුර සංචාර රාජකාරියක නිරත ව නැවත පොලීසියට පැමිණ සිය රාජකාරි මෙසේය මත හිස තබා විවේක ගැනීමේ අරමුණෙන් සිටියදී නින්ද තිබෙන අතර අද 13 අලුයම එම නිලධාරියා මේසේ මත හිස තබා තිබෙන ආකාරයෙන් මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ බෙන්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂක දිනයා දුර සුනිල් වසන්ත ද සිල්වා මහතා (58)වන බව පොලිසිය කියයි .

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා මෙයට මාස දෙකකට පෙර කොවිඩ් 19 ආසාදිත වී සුවය ලබා තිබෙන බවත් පොලිසිය කියයි .

මියගිය උප පොලිස් පරික්ෂකවරයා විවාහක දෙදරු පියෙකි.

මියගිය උපපොලිස් පරීක්ෂකවරයාගේ මෘත ශරීරය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් සංජය කොඩිතුවක්කු මහතා බෙන්තොට පොලිසියට පැමිණ සිදුකල අතර මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා බලපිටිය රෝහල වෙත රැගෙන යන ලෙස වෙන්කර පොලිසියට නියෝග කළහ .
බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා පරික්ෂණ සිදුකරයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here