Thursday, September 19, 2024

SLT-MOBITEL විශේෂ සන්නිවේදන විසඳුම් හරහා ‘සිහිනයට සවියක්’

කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීනතම සන්නිවේදන සබඳතා සැපයීමේ SLT-MOBITEL ‘සිහිනයට සවියක්’ වැඩසටහන ජනවාරි 25, 2021 දින එළිදැක්වීමට නියමිත බව  එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. මෙම වැඩසටහන යටතේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සන්නිවේදන හා තාක්ෂණික විසඳුම් හා සේවා පැකේජ රැසක් සාධාරණ මිල ගණන් යටතේ ඉදිරිපත් කිරීමට නියමිත ය.

කුඩා පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඇති සන්නිවේදන අවශ්‍යතා නිවැරදිව වටහා ගනිමින් එම අවශ්‍යතා සම්පුර්ණ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හදුන්වාදෙනු ලබයි.ඒ  අනුව, සන්නිවේදනය, ව්‍යාපාර ජාලකරණය, ක්ලවුඩ් (cloud) තාක්ෂණය, විනෝදාස්වාද  හා  අන්තර්ජාලය හා බැඳුනු මෙවලම්, සන්නිවේදන උපාංග හා ව්‍යාපාර සන්නිවේදන යටිතල පහසුකම් ආදිය SLT-MOBITEL පිරිනමන ස්ථාවර / ජංගම දුරකථන, 4G LTE, SLT බ්‍රෝඩ්බෑන්ඩ්, SLT Fibre හා Peo TV වැනි සේවා හරහා ප්‍රවර්ධනය කෙර්.

”මිලියන ගණනක් ජනතාවගේ එදිනෙදා මුදල් ගනුදෙනු සඳහා සහාය ලබාදෙන කුඩා පරිමාණ ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය තුළ දැවැන්ත පදනමකට උරුමකම් කියනවා. එම නිසා ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL වෙතින් පිරිනැමෙන සන්නිවේදන විසඳුම්වල පූර්ණ ප්‍රතිලාභ ඔවුන්ට හිමිවීම අතිශය වැදගත්. ඒ වගේම SLT-MOBITEL ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන එක් වීමත් සමඟ අපගේ පාරිභෝගිකයින්ට පුළුල් නිෂ්පාදන හා සේවා පෙළක් ඉදිරිපත් කිරීමේ හැකියාව අප සතුයි. එහෙයින් කුඩා පරිමාණ ව්‍යාපාර ආයතනවලට ඒවායේ දියුණුව සඳහා අතිශය වැදගත්, සන්නිවේදන විසඳුම් කරා ප්‍රවේශ වීමේ අවස්ථාව සැලසෙන බව මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා තහවුරු කෙරෙනවා” යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශයේ සාමාන්‍යාධිකාරි සංජීව ජයමහ මහතා ප්‍රකාශ කළේය.

විවිධ කේෂ්ත්‍රවල වෙනස් වන අවශ්‍යතා හදුනාගෙන ඒ ඒ කේෂ්ත්‍රවලට සරිලන ආකාරයට මෙම වැඩසටහන දියත් කෙරේ. ඒ අනුව, විනෝදාස්වාද හා සංචාරක, විලාසිතා හා රූපලාවන්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ, වෛද්‍ය හා සෞඛ්‍ය, අධ්‍යාපන, විශේෂ අවස්ථා හා බැඳුණු සේවා, මූල්‍ය සේවා, e-commerce හා මෘදුකාංග සංවර්ධන, වෘත්තීය සේවා, ඉදිකිරීම් සහාය හා ප්‍රවාහනය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන සේවා ආදී කුඩා වූ ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් ඊට සරිලන තාක්ෂණික විසදුම් සපයනු ලබයි.

මේ අනුව ගත්කල, ජාතියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා ලෙස, වසංගතයෙන් පසු යළි නැගී සිටීම සඳහා කුඩා ව්‍යාපාරවලට  අත්වැල් සපයමින්, ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීමේ දැවැන්ත කාර්යභාරයට SLT-MOBITEL උර දී සිටී. මෙසේ බිම් මට්ටමේ ව්‍යාපාරවල සන්නිවේදන අවකාශය වඩාත් පුළුල් කිරීමේ SLT-MOBITEL කාර්යභාරය, නව සාමාන්‍යය තුළ ඩිජිටල්කරණ හා ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජාතික ප්‍රයත්නයන් හරහා  ද තවදුරටත් වර්ධනය වී තිබේ.

තවද, අප හා බැඳුනු අනෙකුත් සේවා සම්පාදන ආයතනත්, දිවයින පුරා විහිදුනු සේවා ජාලයත්, දක්ෂ සේවක කාර්යමණ්ඩලය සහ පැය 24 පුරා නොබිඳුණු සේවා සහය සමග ඔබගේ ව්‍යාපාරයට අවැසි සියලුම සන්නිවේදන අවශ්‍යතා එකම ස්ථානයකින්, පහසු ගෙවීමේ ක්‍රම යටතේ ලබා ගත හැක.

මෙරට ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක මෙන්ම වසර 163 කට අධික කාලයක පටන් මෙරට ප්‍රමුඛත ම බ්‍රෝඩ්බෑන්ඩ් සහ යටිතල පහසුකම් සේවා සම්පාදකයා ද වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වමින්, ගෝලීය තලය මත ශ්‍රී ලාංකේය නාමය ඔසවා තැබීම සඳහා කටයුතු කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඩිජිටල් සේවා සම්පාදක බවට පත්වීම සඳහා ආ ගමන්මග තුළ එම සමාගම විදුලි සංදේශන සේවා පිරිනැමීමෙන් ඔබ්බට යමින්, ඩිජිටල් ජීවන ශෛලියක් සඳහා පුළුල් පරාසයක විහිදුනු සේවා සහ විසඳුම් සම්පාදකයෙකු බවට පත්ව සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ජංගම දුරකථන සේවා අංශයවන මොබිටෙල්, 2018 වසරේදී මෙරට ප්‍රථම වාණිජ 4.5G/4G+ ජංගම දුරකථන ජාලය හඳුන්වා දෙන ලද අතර, වාණිජ ස්මාර්ට් ජංගම දුරකථනයක් එහි 5G ජාලයට සම්බන්ධ කිරීම හරහා ජංගම දුරකථන සන්නිවේදන ජාලයකින් 1.55Gbps වේගයකින් යුතුව 5G තාක්ෂණය සාර්ථකව දියත් කරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාලය වේ. NB-IoT, ස්වයංක්‍රියකරණය, කෘත්‍රිම බුද්ධිය සහ තීරණාත්මක සන්නිවේදන තාක්ෂණ සහ විසඳුම් ක්ෂේත්‍ර තුළ පසුගිය වසර ගණනාව පුරා සිය බලපෑම වැඩිදියුණු කළ මොබිටෙල් සමාගම, අන්තර්ජාල වේගය සහ පරීක්ෂණ යෙදවුම් හි ගෝලීය ප්‍රමුඛයාවන Ookla මගින් අඛණ්ඩව දෙවැනි වරටත් මෙරට වේගවත්ම 4G-LTE ජාලය ලෙස ඇගයුමට පාත්‍ර විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles