රනිල්ගෙන් ඉන්ධන, ගෑස්, ඖෂධ හා ආහාර ප්‍රශ්න විසඳන්න විශේෂ කණ්ඩායමක්…

0
429

රට තුළ පවතින ප්‍රධාන ගැටළු කිහිපයකට විසඳුම් සෙවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වගකීම් පැවරීමක් සිදුකර තිබෙනවා. 

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාවට සැපයීම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කර කටයුතු කිරීමේ වගකීම පවරා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන හා එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරටයි. 

ඖෂධ හිගයට පිළියම් සෙවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට පවරා තිබෙනවා. පොහොර අර්බුදයට විසඳුම් සෙවීමේ වගකීම පවරා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්ටයි. ඉන්ධන ගැටළු සඳහා විසඳුම් සෙවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායකට පවරා තිබෙනවා. 

මේ අතර අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම් දක්නට ලැබුණා. ගෑස් ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයකම පැවැති විරෝධතා හේතුවෙන් ප්‍රධාන මාර්ගවල ගමනාගමනට එල්ල වූයේ දැඩි බලපෑමක්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here