කෙන්යානුවන්ට හිසරදයක් වූ චීන මාලු

0
1327

වීනයෙන් විශාල වශයෙන් මත්ස්‍යන් ආනයනය කිරීම කෙන්යාවේ දේශීය ධීවර කර්මාන්තයට මරු පහරක් එල්ල කර ඇතියි වාර්තා වේ.
ඒ අනුව චීනයෙන් මත්ස්‍ය ආනයනය කෙන්යානු වෙළඳපොළට ගලා ඒම වැළැක්වීම සඳහා එම ආනයන මත විශාල වශයෙන් බදු පැනවීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
චීනයෙන් මාළු ආනයනය කිරීම ලාභදායී වන අතර දේශීය මාළු වෙළෙන්දන් ව්‍යාපාරයෙන් ඉවත් කෙරන බව බදු ඉහළ නැංවීම යෝජනා කළ පාලක පක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කළේය.
කෙන්යාවේ මිලියන 1.2 ක පමණ ජනතාවක් ධීවර කර්මාන්තය ආශ්‍රිතව සෘජු සහ වක්‍ර රැකියාවේ නිරතව සිටිති.
රාජ්‍ය ධීවර දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, කෙන්යාව 2021 දී චීනයෙන් මාළු කිලෝග්‍රෑම් මිලියන 14.8ක් ආනයනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here