ජනපති හා පුටින් අතර හදිසියේම විශේෂ සාකච්ඡාවක්..!

0
490

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග ඉතා ඵලදායී දුරකතන සංවාදයක නිරත වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ මීට පෙර පැවති අභියෝග ජය ගැනීමට රුසියානු රජය ලබාදුන් සහයෝගයට මෙහිදී ස්තූතිය පළ කළ බවයි.

එමෙන්ම වත්මන් ආර්ථික අභියෝග පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා ණය ආධාරයක් ලබාදෙන ලෙසට ද ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.

එමෙන්ම Aeroflot ගුවන්සේවා කටයුතු නැවත ආරම්භ කරන ලෙසට ව්ලැද්මීර් පුටිංගෙන් ඉල්ලීමක් කළ බව ද ජනාධිපතිවරයා සිය ට්විටර් සටහනේ දක්වා තිබෙනවා. 

සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ වන බවට ඒකමතිකව එකඟ වූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here