වසංගත සමයේදී මිනිසුන් භාවිතා කරන නිල් පැහැති ශල්‍යකර්ම මුහුණු ආවරණ කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නොවන බව මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ කැනඩාවේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයෙන් කරන ලද අධ්‍යයනයෙන් නිල් පැහැති මුව ආවරණ 10%ක පමණක් සාර්ථකත්වයක් ලබා ගෙන ඇති බවයි.
නමුත් එන් 95 හෝ කේඑන් 95 මුහුණු ආවරණ වැඩි සාර්ථකත්වයක් පෙන්වා ඇති බවද එම පරීක්ෂණයෙන් අනාවරණය කොට තිබෙනවා.
‘සමීපව සහ දුරස්ථව කාමරයකදී ආරක්‍ෂා කිරීම සඳහා ඕනෑම මුහුණු ආවරණයක් පැළඳීම ප්‍රයෝජනවත් වන බවට සැකයක් නැහැ . නමුත් විවිධ මුව ආවරණවල සාර්ථකත්වයේ බරපතළ වෙනස්කම් තිබෙනවා’ යනුවෙන් කාර්මික ඉංජිනේරු මහාචාර්ය සර්හි යාරූසෙවිච් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇති බවයී සඳහන් වන්නේ.