ඔස්ලෝ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවතු පාකිස්තානයේ

0
387

නෝර්වේ මධ්‍යම ඔස්ලෝහි සමලිංගික තැබෑරුමක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් ජුනි මාසයේදී වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පාකිස්තානයේ සිටින බවට සැක කෙරෙන දෙවන සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළ බව නෝර්වීජියානු පොලිසිය පසුගියදා ප්‍රකාශ කළේය.

සැකකරු 45 හැවිරිදි අර්ෆාන් කදීර් භාට්ටි බව නිකුත් කරන ලද වාර්තාවක් මගින් ඔවුන් විසින් තහවුරු කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේදී ඔහු ඉටු කළේ යැයි කියනු ලබන භූමිකාව කුමක්ද යන්න හෝ ඔහු දැනට සිටින්නේ කොහේද යන්න ඔවුන් සඳහන් කර නැත.

සැකකාර භාට්ටි, නෝර්වේ සමඟ පිටුවහල් කිරීමේ ගිවිසුමක් නොමැති පාකිස්ථානයේ සිටින බව අදාළ වාර්තාව වැඩිදුරටත් පවසයි.

කෙසේවෙතත්, පාකිස්තානය සමඟ සහයෝගීතාව ධනාත්මක බවත් පිටුවහල් කිරීමේ හැකියාවක් පවතින බවත් නෝර්වේ පොලිසිය පැවසීය.

ප්‍රහාරයේ පළමු සැකකරුට ජූනි 25 වැනි දින අලුයම මධ්‍යම ඔස්ලෝ හි සමලිංගික තැබෑරුමක් අසල නගරයේ ප්‍රයිඩ් උත්සවයට සම්බන්ධ සැමරුම් අතරතුර වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here