T20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

0
350

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මූලික සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමනවිත වන අතර අතිරේක ක්‍රීඩකයන් 4 දෙ⁣නෙකුද නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, දසුන් ශානකටයි.

දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක
, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, මහේෂ් තීක්ෂණ, දිනේෂ් චන්දිමාල්, ප්‍රවීන් ජයවික්‍රම, කමිඳු මෙන්ඩිස්
, බිනුර ප්‍රනාන්දු

අතිරේක ක්‍රීඩකයින් – නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ළහිරු මධුශංක, පුලින තරංග

ඔක්තෝම්බර් 17 සුදුසුකම් ලබා ගැනීමේ තරඟ ආරම්භ වන අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය ඔක්තෝම්බර් 18 නැමීබියාවට එරෙහිව පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here