Monday, December 23, 2024

තායිවානය පළමුවරට ඉංග්‍රීසි රූපවාහිනී නාලිකාවක් අරඹයි

චීනයේ තීව්‍ර වන පීඩනයට එරෙහිව එජාත්‍යන්තර ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා තායිවානය පසුගියදා සිය පළමු ඉංග්‍රීසි භාෂා රූපවාහිනී නාලිකාව දියත් කර තිබේ.

එම TaiwanPlus නාලිකාවට දැනට දිවයින තුළ පමණක් විකාශන අවස්ථාව හිමිව ඇති අතර, එහි ජාත්‍යන්තර ප්‍රවේශය සීමා කර ඇත.

ස්වයං-පාලක තායිවානය ජීවත් වන්නේ චීනයේ ආක්‍රමණයක නිරන්තර තර්ජනයක් යටතේ වන අතර, දිවයින තම භූමියේ කොටසක් ලෙස චීනය ප්‍රකාශ කරයි.

නිලධාරීන් පවසන්නේ පසුගිය වසරේ රජයේ අනුග්‍රහය ඇතිව මාර්ගගත ප්‍රවාහ වේදිකාවක් ලෙස ආරම්භ වූ TaiwanPlus, චීනයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා අර්ධ වශයෙන් භාවිතා කරන බවයි.

විකාශය කිරීමේ උත්සවය අධීක්‍ෂණය කරමින් ජනාධිපති ට්සායි ඉන්-වෙන් කියා සිටියේ පැය 24 පුරා නාලිකාව තායිවානය ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙන යාමට කටයුතු කරන බවත් එය ඔවුන්ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම් බෙදාහදා ගන්නා රටවල් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වනු ඇති බවත්ය.

මෙම නව රූපවාහිනී නාලිකාව ඔවුන්ගේ ජාත්‍යන්තර ප්‍රවේශය ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.

මේ අතර තායිවාන සංස්කෘතික අමාත්‍යවරයා පැවසුවේ TaiwanPlus මාස හයකින් එක්සත් ජනපදයේ විකාශනය ලබා ගත හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles