තලේබාන් උත්තරීතර නායකයාගෙන් එරට විනිසුරුවරුන්ට දැඩි නියෝගයක්

0
294

ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වර්ධනය වන කණස්සල්ල මධ්‍යයේ, තලේබාන් උත්තරීතර නායක මවුලවි හෙබතුල්ලා අකුන්සාදා, ඉස්ලාමීය නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරුන්ට නියෝග කර තිබේ.

තම නායකයා විනිසුරුවරුන් පිරිසක් හමුවීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ බව තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පැවසීය.

විනිශ්චයකාරවරුන්ගේ රැස්වීමකදී අකුන්සාදා පවසා ඇත්තේ ෂරියා සහ ඔහුගේ නියෝග ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවයි.

ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ නායකයාගේ නියෝගය රට පුරා ක්‍රියාත්මක කරන බව තලේබාන් ප්‍රකාශකයකු පවසා ඇත.

මිනීමැරුම්, පැහැරගැනීම් සහ සොරකම්වලට සම්බන්ධ වූවන්ට ඔවුන්ගේ ක්‍රියාවන්ට දඬුවම් කළ යුතු බව තලේබාන් ප්‍රකාශක කාශක යූසෙෆ් අහමඩි මාධ්‍ය වෙත පවසා ඇත.

ඇෆ්ගන් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ ඉස්ලාමීය කණ්ඩායම බලයට පත්වීමෙන් පසු රට පුරා ඉස්ලාමීය නීතියේ සියලුම අංග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස තලේබාන් නායකයා විධිමත් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here