Wednesday, October 23, 2024

කාශ්මීරයේ සංවර්ධනය කඩාකප්පල් කිරීමේ ඝාතන රැල්ලක්

කාශ්මීර නිම්නයේ ඉලක්ක කරගත් ඝාතන හිස්බුල් මුජාහිදීන් සහ අනෙකුත් තහනම් ත්‍රස්තවාදී සංවිධානවල ත්‍රස්තවාදීන් විසින් කාශ්මීර නිම්නයේ පංචායති රාජ් ක්‍රමය මගින් ස්ථාපිත කරන ලද සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට බාධා කිරීම සඳහා වන කුමන්ත්‍රණයක කොටසක් බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

ජාතික විමර්ශන ඒජන්සියේ චෝදනා පත්‍රයක සඳහන් වන්නේ දේශපාලන වශයෙන් තේරී පත් වූ නියෝජිතයන් අතර භීෂණයක් ඇති කිරීමටද එම සිදුවීම් මගින් උත්සහ දරා ඇති බවයි.

ජම්මු සහ කාශ්මීරයේ කුල්ගම් හි අදූරා ගම්මානයේ ප්‍රධානියෙකු ඉලක්ක කර සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ජාතික විමර්ශන ඒජන්සිය පසුගියදා චෝදනා පත්‍රය ගොනු කළ අවස්ථාවේදී මෙම හෙළිදරව්ව සිදු කර තිබේ.

තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල් මුජාහිදීන් ත්‍රස්තවාදීන් විසින් පංචායත් ප්‍රධානියෙකු වන ෂබීර් අහමඩ් මීර් මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විරෝධී ඒජන්සිය ජම්මු හි විශේෂ අධිකරණයක චෝදනා පත්‍රය ගොනු කරනු ලැබීය.

මෙම නඩුව මුලින් මාර්තු 11 වන දින ජම්මු සහ කාශ්මීරයේ කුල්ගම් පොලිස් ස්ථානයේ ලියාපදිංචි කර ඇති අතර පසුව අප්‍රේල් 8 වන දින ජාතික විමර්ශන ඒජන්සිය විසින් නැවත ලියාපදිංචි කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles