පහසු ඇඳුමකින් එන්න ගුරුවරුන්ට අයිතියක් නෑ..

0
845

පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම ගැන නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පි.කේ.මායාදුන්න මහතා පැවසුවේ, රජයේ කාර්යාලවල සේවය සඳහා පැමිණෙන සේවකයින් සම්බන්ධයෙන් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් ගුරුවරියන්ගේ ඇඳුම ගැන තීරණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බවත් ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට එය අදාළ නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here