ගුරුවිදුහල්පතිවරුන් අද ලෙඩ වෙයි…

0
552

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු නොකරන බව ගුරු විදුහල්පතිවරුන් පවසනවා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පවතින ප්‍රවාහන දුෂ්කරතාවලට විසදුම් ලබාදෙන ලෙසට මෙන්ම රට හමුවේ පවතින ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසට බල කරමින් ගුරුවිදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

ඒ අනුව ගුරුවිදුහල්පතිවරු ලෙඩ නිවාඩු වාර්තාකර අද දිනයේ පාසල් වෙත වාර්තා කිරීමෙන්  වැලකී සිටින බවද ඔහු සදහන් කළා. 

කෙසේවෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත නොවන ගුරුවිදුහල්පතිවරුන් සමග පාසල් කටයුතු පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here