Tuesday, October 22, 2024

ඉන්දියාවේ ඇපල් අයිෆෝන් නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළට

2026 වසර වනවිට ලොව පුරා අලෙවි වන Apple Iphone වලින් 12%ක් පමණ ඉන්දියාවේ නිෂ්පාදන විය හැකි බව වාර්තා වේ.

එම වසරේදී ලොව පුරා අලෙවි වන Apple Iphone වල මුළු වටිනාකම ඩොලර් බිලියන 250 දක්වා ඉහළ යනු ඇතැයි උපකල්පනය කළහොත් එයින් සියයට 12 ක ප්‍රමාණයක් ඉන්දියාව සතු වනු ඇති බවයි සමාගමට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Apple Iphone නිෂ්පාදනය අතින් ඉන්දියාවට වඩා මේවනවිට චීනය ඉදිරියෙන් පසු වනවා.

නමුත් පවතින භූ දේශපාලනික හේතූන් මත චීන සැපයුම්කරුවන්ට නිෂ්කාශන නොලැබීමත් සමග ඉන්දියාවට අවස්ථා නිර්මාණය වෙමින් ඇති බවයි වාර්තා වෙයි.

චීනය තුළ පවතින තත්ත්වය සමග ඇතැම් ගනුදෙනුකරුවන් ඉන්දියානු සමාගම් සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවෙයි.

එහි ප්‍රථිපලයක් ලෙස Apple Iphone නිෂ්පාදනයේ දී චීනයට අහිමි වන අවස්ථාව ඉන්දියාවට හිමිවනු ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දෙයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles