ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් විසදෙන්න තවත් මාස එකහමාරක් පමණ ගත වෙනවා..

0
352

ගෑස් අර්බුදය සම්පූර්ණයෙන් අවසන්වීමට තවත් මාස එක හමාරක පමණ කාලයක් ගතවනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසයි.

මේ අතර දිවයිනට ළඟා වී ඇති නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතුවලට තවදුරටත් අයහපත් කාලගුණයෙන් බාධා මතුව ඇත.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, පවතින තත්ත්වය හමුවේ වුවත් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ක් වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු කරන බවයි.

අද දිනයේත් ඕමානයේ සිට තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතය.

මේ අතර වාර්තා වන්නේ, තායිලන්තයේ සියාම් සමාගමෙන් ගෑස් ආනයනය ද විදේශ විනිමය අර්බුදය හමුවේ තවදුරටත් ප්‍රමාද වනු ඇති බවය.

ලිට්‍රෝ සමාගම බලාපොරොත්තුවන්නේ ජුනි මුල් සතිය වනවිට හෝ සියාම් සමාගමෙන් ගෑස් ආනයන කිරීමට හැකි වනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here