Saturday, November 16, 2024

පක්ෂයේ දෙවැනියා පක්ෂ මහා ලේකම්..

සමගි ජන බලවේගයේ මැයි දින රැලියේ කථික ලැයිස්තුව සකස් කළේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතිව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, තමන්ට ඒ පිළිබඳ චෝදනා නැගීමෙන් පලක් නොමැති බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මහනුවර සිට පැවැති දින හයක පා ගමන සහ මැයි දින රැලිය තම ශ්‍රමය, ධනය වැය කර සිදු කර තිබියදී තමන්ට එරෙහිව පරීක්ෂණ තැබීමට යෝජනා කරන සරත් ෆොන්සේකා මහතාගේ මනස පරීක්ෂා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. සමගි ජන බලවේගයේ දෙවැනියා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා බැවින්, ඒ බව නොදැන තමන් පක්ෂයේ දෙවැනියා යැයි සිතා ගනිමින් සරත් ෆොන්සේකා කටයුතු කිරීම පිළිබඳ කනගාටු වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2) පැවැති පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ද සරත් ෆොන්සේකා මහතාට පක්ෂ සාමාජිකයන්ගේ දැඩි විරෝධය හිමි වූ බවත් ඔහු පැවැසීය. එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා තමාගෙන් පෞද්ගලිකවම සමාව ඉල්ලා සිටි බවත්, ෆොන්සේකා මහතා සිදු කළ දේ අනුමත නොකළ බවත් ඔහු කීවේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැමිණ නොසිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles