රටේ තියෙන තත්ත්වය භයානයකයි..

0
727

අද රට තුළ පවතින තත්ත්වය ඉතා භයානක බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (20) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළ අතර එහිදී ඊයේ (19) දින රඹුක්කන ප්‍රදේශයේ හට ගත් ගැටුම පිළිබඳ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

“අද රටේ තියෙන තත්ත්වය භයානයකයි. අපි තීරණය කළ යුතුයි මොකද්ද අපි කරන්නේ කියලා. අද පැතිරෙන්න පුළුවන්. මට ආරංචි වෙලා තියෙනවා එක එක ප්‍රදේශවලට මේක පැතිරෙන්න පුළුවන් කියලා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. අපිට තියෙන විකල්පත් සීමාවෙලා තියෙන්නේ. මම මියගිය පුද්ගලයාගේ භාර්යාවටත් කතා කළා. ඒ පවුල ගැනත් අපිට වැඩකටයුතු කරන්න තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here