මහ මඟ මිය ගිය යාචකයාගේ බෑගයෙන් හමුවූ අරුම පුදුම දේ ?

0
635

අනතුරකින් මරණයට පත්වූ යාචකයකුගෙ බෑගයක තිබූ රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් සමග බැංකු ගිණුම් පහක පොත් තිබී හමුවූ බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ උඩප්පුව යාය 6 පදිංචි කදිරේෂන් පාලමුරුගන් නැමති 49 හැවිරිදි අයෙක්.

මෙම යාචකයා පුත්තලම හලාවත මාර්ගයෙ ආනවිළුන්දාව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී ආනවිළුන්දාව රෝහලට ඇතුලත් කර පසුව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පොලිසිය කියා සිටියා.

මෙම යාචකයා කාලකයක සිට සිගමන් යදිමින් ජීවත්ව ඇති අතර අනතුරින් මරණයට පත්විමෙන් පසු මෙම යාචකයාගෙ බෑගය පරික්ෂා කිරීමේදී ඉතා ආරක්ෂිතව සඟවා තිබූ 135000 ක මුදලක් හා රාජ්‍ය හා පුද්ගලික බැංකු පහක ගිණුම් වල තවත් රුපියල් 47000 ක මුදලක් තැන්පත් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here