ළමා රෝහලේ දොස්තර කියන අති බිහිසුනු කතාව.

0
530

කාසල් වීථිය කාන්තා රෝහලේ නව ඡන්ම දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය කෘත්‍රීම ශ්වසනය ලබාදීමේදී ශ්වසන ආධාරක සහ පෙනහළු සම්බන්ධ කෙරෙන ප්ලාස්ටික් බටවල තොග අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලා වෛද්‍යවරුන් මේ වන විටත් විදේශගත පිරිස් වෙත විවිධ දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද සායනවලින් ප්‍රතිකාර ලබන දරුවන්ට මීට පෙර මාස 3ක කාලයකට ඖෂධ නිකුත් කිරීම සිදුකළ ද එය මේ වන විට මසක කාලයකට සීමා කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සදහන් කළේ පවතින ඩොලර් අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවත්වා තොග කළමනාකරණය සඳහා එම පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here