ටිබෙට් දූත පිරිසක් ලන්ඩනයට

0
1123

ඉහළ පෙළේ ටිබෙට් නියෝජිත පිරිසක්, පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.
පසුගිය වසර 27ක් තිස්සේ චීන අත්අඩංගුවේ පසුවන ටිබෙටයේ ආධ්‍යාත්මික නායක 11 වැනි පන්චෙන් ලාමාගේ ඡන්ම දිනයට සමගාමීව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම සංවිධාන කළ විශේෂ සැසිවාරයට සහභාගී වීම සඳහා ටිබෙට් නියෝජිත පිරිස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.
මෙම සැසිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටිබෙට් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ පුලුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා අර්ථවත් අවස්ථාවක් ලබා දුන්නේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස්දෙනෙක් මෙයට එක්විය.
ටිබෙට් නියෝජිත පිරිස එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටියේ 1995 මැයි 17 සිට චීන අත්අඩංගුවේ පසුවන 11 වන පන්චෙන් ලාමා හමුවීමට තමන්ට අවසර ලබා දෙන්නැයි චීනයෙන් ඉල්ලා සිටින ලෙසයි.
එමෙන්ම සිය ආධ්‍යාත්මික නායකයා කඩිනමින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙසද ටිබෙට් නියෝජිතයෝ ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here