Tiktok තරැණයාගේ ඝාතනයේ සැකකාර බාලවයස්කරුවන් 06ක් රිමාන්ඩ්

0
301

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධ ගැටුමක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය ප්‍රදේශයේ දි 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව බාලවයස්කාර තරුණයන් 06 දෙනෙක් ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණ වලට අදාලව සැකපිට අත්අඩංගුවට ගත් මෙම බාලවයස්කරුවන් 06 දෙනා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදි මෙම නඩුව කැඳවූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය මෙම නියෝගය ලබාදුන්නා.

රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති කාල සීමාවේදී අදාල දරුවන් 06 දෙනා මාකොළ පිහිටි ළමා රැදවුම් නිවාසයේ රඳවා තබන්නැයිද මහේස්ත්‍රාත්වරය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව නැවත කැඳවන ලබන සිකරාදා දිනයේදී සැකකාර බාලවයස්කරුවන්ව ආවරණය කර හදුනාගැනීමේ පෙරට්ටුව සදහා ඉදිරිපත් කිරීමටද නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here