TNA ඉන්දීය අගමැති හමුවීමට තීරණය කරයි

0
279

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නායක ආර්. සම්බන්ධන්, මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් ඇතුළු පිරිසක් ඉදිරි සතියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන සතියේදී අදාළ පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දෙමළ වැසියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here