Friday, September 20, 2024

TNA නියෝජිත පිරිසක් ඇමරිකාවට

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඇතුලු එම පක්ෂයේ නියෝජිත පිරිසක් අද අලුයම ඇමරිකාව බලා පිටත්ව ගියා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇරයුමක් මත එම සංචාරයේ නිරතවන බවයි සුමන්දිරන් මන්ත්‍රිවරයා සඳහන් කළේ.

එමෙන්ම දේශපාලන කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද  ඔහු කියා සිටියා.

ජනාධිපති නීතීඥ කේ. කනගීස්වරන් සහ ආචාර්ය නිර්මලා චන්ද්‍රහාසන් ද ඇමරිකාවේ සංචාරය කරන දෙමළ ජාතික සන්ධාන නියෝජිත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ පවත්වන සාකච්ඡාවේදී බලය බෙදාහැරීමේ ෆෙඩරල් විසඳුමක් සඳහා වන යෝජනාව මෙන්ම රජය මගින් සකස් කරන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළා.

මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු වෙනත් රටවල ක්‍රියාත්මක ෆෙඩරල් ව්‍යුහයන් ගැටුම් විසඳාලීම සඳහා යොදාගෙන ඇති ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුවන බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 2011 වසරේදීද ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් එක්සත් ජනපදයේ සංචාරයක නිරතවෙමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තු සහ සෙනෙට් සභිකයන් සමඟ සාකච්ඡාවල නිරත වූයේ සිය දේශපාලන අභිලාෂයන් පිළිබඳ දැනුවත් කිරීමටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles