රාජපක්ෂ කෞතුකාගාරයට ප්‍රහාරයක්..(PHOTO)

0
443
d a rajapaksha

මහින්ද රාජපක්ෂගේත්, ගෝඨාභය රාජපක්ෂගේත්, චමල් රාජපක්ෂගේත්, බැසිල් රාජපක්ෂගේත් දෙමාපියන් සිහිවීම සඳහා ජනතා බදු මුදල් නාස්ති කරමින් වීරකැටියේ ඉදිකර තිබූ ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරයට ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

විරෝධකරුවන්ගේ ප්‍රහාරයෙන් මෙය සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර තවදුරටත් එම ස්ථානයට පහර දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඩී ඒ රාජපක්ෂගේ 47 වන ගුණ සමරුවට සමගාමීව, 2014 වසරේ නොවැම්බර් 6 වන දින වීරකැටියේදී ඔහුගේ නමින් මෙම අනුස්මරණ කෞතුකාගාරයක් විවෘත කෙරුණා.

කෞතුකාගාරය සඳහා එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක පමණ මුදලක් අපහරණය කළේ යැයි ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වුණා.

රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, ‘අවිධිමත් ක්‍රියාවලියක්’ ලෙස, 2014 ට අදාළ විගණනයේ සඳහන් බව, එම කරුණ සම්බන්ධයෙන් 2018 පෙබරවාරි 6 වන දින නිකුත් කළ විශේෂ වාර්තාවේ විගණකාධිපතිවරයා සඳහන් කර තිබුණා.

SOURCE : NEWS19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here