දුම්රිය ධාවනයත් නවතී..?

0
422

ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ලවී ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධායේ සම කැඳවුම්කරු එස්. පි. විතානගේ මහතා කොළඹ දී අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මේ හේතුවෙන් ඇතැම් දුම්රිය ගමන්වාර සීමා කිරීමට ද සිදුව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු  එස්. පි. විතානගේ මහතා,

දුම්රිය ධාවනය පවත්වාගෙන යනවා. දුම්රිය ධාවනය විධිමත් කරනවා කියලා පාලකයින් කටමැද දෙඩෙව්වාට මේ වෙනකොට දැවැන්ත අර්බුදයකට හිගිල්ලා තියෙනවා දුම්රිය ධාවන කටයුතු පවත්වාගෙන යෑම. විශේෂයෙන්ම අපේ ඉන්ධන ප්‍රශ්නය විශාල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට බලපානවා. මීට කලින් සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර ලක්ෂ 5ක 6ක ප්‍රමාණයක් නිරන්තරයෙන් අපේ ගබාඩවල තිබුණා. 

හැබැයි ඒ ඉන්ධන ගබඩාවල තිබෙන ඉන්ධන ප්‍රමාණය ලක්ෂ එක හමාරකට අඩුවෙලා තිබෙනවා. දිනපතාම දුම්රිය 50ක 60ක ප්‍රමාණයක් අවලංගුකරන්න සිදුවෙනවා. ප්‍රමාද කරන්න සිදුවෙනවා. දුම්රිය අවම ප්‍රමාණයෙන් පවත්වාගෙන ගියත් දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව ඩීසල් ලීටර් 90,000ක පමණ ප්‍රමාණයක් අවශය වෙනවා. හැබැයි අපිට දෛනිකව ඒ ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවානම් විතරයි දෛනිකව දුම්රිය සේවාව මේ මට්ටමින් පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here